2026 අයවැයෙන් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය සඳහා ඉතිහාසයේ වෙන්වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5ක මුදලක් වෙන් කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ අරමුණින් ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මෙසේ ද ප්‍රකාශ කළාය, “දරුවෙකුට ආදරය රැකවරණය සහ සුරක්ෂිතතාව ලබාදෙන සුවිශේෂි ස්ථානයක් බවට පාසල පත් කිරීමේ වගකීම රජයක් ලෙස අපි භාරගන්නවා. 2026 අයවැයෙන් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය සඳහා ඉතිහාසයේ වෙන්වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5 මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම 2027 වසරේ සිට නව පාසල් සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට රජය සැලසුම් කර තිබෙනවා”.
ගුරු පත්වීම් පිළිබඳ අධිකරණ තීන්දුවකට අනුකූලව ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත්, මෙම වසර අවසන් වන විට බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.
මෙම පත්වීම් 2027 වන විට රට පුරා ගුරු පුරප්පාඩු සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වනු ඇතැයි ඇය පැවසුවාය.
සම්පත් සීමාවන් සහ අනෙකුත් අභියෝග මධ්‍යයේ වුව ද අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා පාසල් විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය රජය පිළිගන්නා බවත්, ඔවුන්ගේ උත්සාහයන් අගය කරන බව ද ඇය පැවසුවාය.
අධ්‍යාපන ක්ෂේත්රයට බලපාන ගැටළු විසඳීමට සහ සියලුම සිසුන්ට ප්රතිලාභ ලැබෙන පරිවර්තනීය මාවතකට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය යොමු කිරීමට රජය දිගුකාලීන උපාය මාර්ගයක් සකස් කර ඇති බව ඇය තවදුරටත් පැවසුවාය.
















