මීගොඩ හයිලෙවෙල් මාර්ගයේ රොටී දන්සලක් අසල සිදුවූ අනතුරකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (31) රාත්‍රී මීගොඩ පොලිස් වසමේ හයිලෙවෙල් මාර්ගයේ පැවති රොටී දන්සලක් අසල රැදී සිටි පුද්ගලයින් පිරිසක් දෙසට කැබ් රථයක් ධාවනය වීම හේතුවෙන් සිදුවූ අනතුරකින් එම දන්සලේ පෝලිමේ රැදී සිටි පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඔවුන්ගෙන් 06 දෙනෙකු මියගොස් ඇත.

මරණකරුවන් වයස අවුරුදු 38, 35, 32, 15, 56 යන වයස් වල පසුවන හංවැල්ල, අවිස්සාවේල්ල සහ පිළියන්දල ප්‍රදේශ වල පදිංචි අයවළුන් වෙයි. මිය ගිය අය අතර පිරිමි පුද්ගලයින් පුද්ගලයින් 03 දෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ පාසැල් යන වයසේ පසුවන දැරියක සිටී.

අනතුර සිදුකල කැබ් රථය අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇති අතර අනතුර සිදුවූ අවස්ථාවෙන් පසුවත් එය නොනවත්වා ධාවනය කර ඇත. පසුව අනතුර සම්බන්ධව 119 ඔස්සේ ලැබුණු පණිවිඩයක් අනුව ගොඩගම හන්දියේ රථ වාහන රාජකාරි යෙදී සිටි සිටි පොලිස් නිලධාරීන් විසින් කැබ් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට අනාවරණය වී ඇත. තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website