ජනපති ලේකම් ඉවත් කිරීමේ කිසිම සූදානමක් රජයට නැහැ – කැබිනට් ප්‍රකාශක අවධාරණය කරයි

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික  සනත් කුමානායක මහතා ඉවත් කිරීමේ කිසිම අපේක්ෂාවක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා පැවසුවේ ඉච්ඡාභංගත්වයට පත් කුඩා කණ්ඩායම් මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරන බවට තමාට ද තොරතුරු ලැබී ඇති බවයි.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.

මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ ඇමැති නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසුවේය, “යම් කුඩා කණ්ඩායමක් එක එක ප්‍රවෘත්ති හදලා ඒවට ඔවුනුත් ගොදුරු වෙලා, ඒ ප්‍රශ්නය අපට දාන එකේ තේරුමක් නැහැ. මේ වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් මේක කරන්නේ මේ වන විට ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියමාර්ග නිසා. අනික ඉච්ඡාභංගත්වය නිසා. ඉච්ඡාභංගත්වයට පත් වුණ කණ්ඩායමක් මේ වගේ සුළු සුළු නිවුස් ගහන එක අපට පේනවා. ජනාධිපති ලේකම්වරයා සම්බන්ධයෙන් කිසිම තීන්දුවක් අරගෙන නැහැ” ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website