ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු 2026.05.22 වන දින අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන විමර්ශන සිදුකරනු ලබයි.
මෙම සැකකරු 2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය මෙහෙය වන ලද ප්‍රධාන සැකකරු වන අතර සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය ඉංගිරිය ප්‍රදේශයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු අනුව ඉහත අපරාධය සඳහා වෙඩික්කරුට ගිනි අවිය ගෙනවිත් භාරදීම සිදුකළ සැකකාරියක් 2026.05.25 වන දින රාත්‍රී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 46 ක් වන මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
විමර්ශන නිලධාරින් විසින් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් බොරැල්ල ප්‍රදේශයේ වසා දමා තිබූ නිවසක වළදමා තිබූ විදේශිය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවි දෙකක් හා මිලිමිටර් 09 වර්ගයේ පතොරොම් 04 ක් සොයාගෙන ඇත. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















