ප්‍රසිද්ධ ගායකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන්ගන්නා වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී.
නීති විරෝධී හිස්වැසුම් නොමැති යතුරුපැදි ධාවනය ප්‍රවර්ධනය වන එම වීඩියෝවේ දර්ශනය වන ප්‍රසිද්ධ යතුරුපැදිකරු පානදුර උතුර පොලිස් ස්ථානය විසින් අද (18) දින උදෑසන අත්අඩංගුවට ගෙන පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත. සැකකාර යතුරුපැදිකරු රුපියල් 20,000.00ක දඩමුදලක් නියම කර මුදාහැරීමට ගරු අධිකරණය නියෝග කර තිබේ.
















