රාත්රී කාලයේ නිවසකට ඇතුල් වී රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමින් යුත් දේපළ කොල්ලකෑ සැකකරුවෙකු, රත්නපුර පොලිස් ස්ථානයේ අපරාධ අංශය විසින් පසුගිය දා (13) කුරුවිට වැලිහඳ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලකෑ මැණික් ඇතුළු දේපළද සොයාගෙන පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
කොල්ලකෑමේදී සැකකරු විසින් කාන්තාවකට තුවාල සිදුකිරීමක්ද වාර්තා වී ඇති අතර වයස අවුරුදු 35 ක් වන කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ඊයේ (14) රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මැයි 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු අධිකරණය විසින් නියෝග කර ඇත.
රත්නපුර පොලිස් ස්ථානය විසින් සැකකරු හා දේපළ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.
















