
ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියන 1.18ක රේගු බදු ආදායමක් උපයා ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය මාස හතර තුළ මාසික ආදායම් ඉලක්ක 130%කට වඩා ඉක්මවා යාම හේතුවෙන් මෙම ආකර්ෂණීය වර්ධනය අත්පත් කරගත් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙම කාර්ය සාධනයේ උච්චතම අවස්ථාව පසුගිය අප්‍රේල් මාසයේදී දක්නට ලැබුණු අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික එකතු කිරීම විය. ශ්‍රී ලංකා රේගුවට අනුව පසුගිය අප්‍රේල් මාසයේ රේගු ආදායම රුපියල් බිලියන 236.5ක් විය.











