අද (15) උදෑසන 8.00 වන විට කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමෙන් පසු, කුඩා ගඟ සහ මගුරු ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
කළු ගඟෙන් ලබාගත් ජල විද්‍යා ස්ථාන දත්ත මගින් ජල මට්ටම ඉහළ යන බව පෙන්නුම් කරන අතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර තැනිතලා හරහා දිවෙන මාර්ග ජලයෙන් යටවිය හැකි බවට පුරෝකථනය කර ඇත.
මෙම අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ ගංවතුරට ගොදුරු විය හැකි මාර්ග භාවිතා කරන මෝටර් රථ හිමියන්ට දැඩි අවධානයෙන් සිටින වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.












