කුසලතා පූර්ණ, සදාචාරාත්මක සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීම, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන රාමුව ශක්තිමත් කිරීම සහ එය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ව සැකසීම තුළින් සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඊයේ (18) කොළඹ Cinnamon Life හෝටලයේ පැවති ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද, ජාත්‍යන්තර QS ප්‍රතීතනය ලත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් සුදුසුකම (CQHRM – SCQF 11 මට්ටම) නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ ඉහත කරුණු අවධාරණය කළාය.

















E-Paper