සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමවී සිටින සිවරාසාගේ මව සහ පියා නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන් මහතාගේ දෙමාපියන් අද (21) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

මේ අවස්ථාවට සිවරාසා අනෝජන් මහතාගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව රාසමානික්‍යම් යෝගලක්ෂ්මි, සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ද විය.

ඔවුන් සමග සිදු කල සාකච්ඡාව අතරතුර සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දුරකථනයෙන් කතා කළ විපක්ෂ නායකවරයා සිවරාසා අනෝජන් මහතාගේ නිදහස සම්බන්ධයෙන් සොයා බැලීය.

ඊට අමතරව සෞදි බන්ධනාගාරයේ සිටින සිවරාසා අනෝජන් මහතාට දුරකථනයෙන් කතා කර ඔහුගේ විස්තර සොයා බලා අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට ද දුරකථනයෙන් කතා කර නිදහස ලබා ගැනීමට අදාළ රජයේ වැඩපිළිවෙළ ද සොයා බැලීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website