විශ්වවිද්‍යාල ගැටලු ගැන අග්‍රාමාත්‍යවරිය සමඟ කළ සාකච්ඡා අසාර්ථකයි – විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

විශ්වවිද්‍යාල පද්ධතියට බලපාන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (16) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ පැවති සාකච්ඡාවලදී කිසිදු විසඳුමක් නොලැබුණු බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචිකා ප්‍රනාන්දු පැවසුවේය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති  සම්මේලනයේ නියෝජිතයින් සහ අගමැති හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (16) බත්තරමුල්ල ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නවක සිසුන් ඇතුළත් කර ගැනීම, විශ්වවිද්‍යාලවල සිසුන් ගත කරන දීර්ඝ කාලය සහ අධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි සාකච්ඡා අවධානය යොමු කර ඇත.

“මේ කරුණු ගැන අපි අගමැතිණිය සමඟ සාකච්ඡා කළත් ඇයගෙන් කිසිදු විසඳුමක් ලැබුණේ නැහැ” ඔහු පැවසුවේය.

“අපි මීට පෙර  ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කළා. ඉන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සිසුන් ඇතුළත් කර ගැනීම කඩිනම් කිරීම සඳහා යෝජනා සකස් කළා. ඒ වගේම අපි පසුගිය අප්‍රේල් මාසයේදී අග්‍රමාත්‍යවරිය සමඟ ද සාකච්ඡා පැවැත්වූ නමුත් අදාළ යෝජනා තවමත් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී නැහැති බව ඊයේ රැස්වීමේදී අපට දැනුම් දුන්නා. වසරකට ආසන්න කාලයක් තිස්සේ අපි පියවර ගන්නා තෙක් බලා සිටි යෝජනා තවමත් අදාළ බලධාරීන් වෙත ළඟා වී නොමැති බව දැනගත් විට අපි පුදුමයට පත් වුණා,” මහාචාර්ය ප්‍රනාන්දු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website