ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (30) දිනයේ එක්දින වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කළ බව එම සම්මේලනයේ ප්රධාන ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.
සමස්ථ රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ මෙම වර්ජනය ක්රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය..
වැඩවර්ජනයට සමගාමීව හෙට දිනයේ විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පා ගමනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඔහු පැවසුවේය.
“රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර, ප්රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන අපි මේ වැඩවර්ජනය ක්රියාත්මක කරනවා. අපි මේ ඉල්ලීම් කාලයක් තිස්සේ ආණ්ඩුවට ඉදිරිපත් කළත් මේ දක්වා මේ ඉල්ලීම් ගැන රජය කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඒ වගේම මෙරට රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය මුහුණ දී සිටින අභියෝග පිළිබඳ මහජන අවධානය යොමු කිරීමේ අරමුණින් තමයි අපි මේ ක්රියාමාර්ග ගන්නේ” ඉලංගසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය















