ශ්රී ලංකාවේ යෝජිත ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ.
ශ්රී ලංකාවේ යෝජිත ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ තුළ ඇතුළත් කර ඇති අතිරේක ආරක්ෂණ විධිවිධාන සහ වැඩිදියුණු කිරීම් ගණනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සාදරයෙන් පිළිගන්නා බව ද එය ජාත්යන්තර මානව හිමිකම් නීතියට පූර්ණ ලෙස අනුකූල වන බව සහතික කිරීම සඳහා තවදුරටත් සංශෝධන අවශ්ය බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්රී ලංකා ආණ්ඩුවට කරන යෝජනා මෙසේය,
- ත්රස්තවාදී වැරදි පැහැදිලිව සහ පටු ලෙස අර්ථ දැක්වීම සහතික කිරීම,
- නීත්යනුකූල අදහස් ප්රකාශ කිරීම සහ සිවිල් ක්රියාකාරකම් ආරක්ෂා කිරීම,
- අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳ අධිකරණ අධීක්ෂණය ශක්තිමත් කිරීම,
- වධහිංසා පැමිණවීම් සහ අයුතු ලෙස සැලකීම්වලින් ආරක්ෂා කිරීම,
- නිසි ක්රියාවලිය සහ සාධාරණ නඩු විභාග පිළිබඳ සහතික කිරීම් ශක්තිමත් කිරීම,
- ඵලදායී අධීක්ෂණය සහ පිළියම් සහතික කිරීම,
- සිවිල් පොලිසියේ ප්රමුඛතාව පවත්වා ගැනීම
මේ අතර ඇති ප්රධාන ක්ෂේත්ර වේ.
මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර, ඒ ගැන හොඳින් සොයා බලා මහජනතාව සහ විද්වතුන් සමග සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එමෙන් ම, මේ සඳහා රජයට අවශ්ය තාක්ෂණික උදව් සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව ද එම කාර්යාලය සඳහන් කරයි.
bbc.com/sinhala/articles/cr0j06yleyjzo ඇසුරිණි
















