පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් NR consultancy නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (29) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
මේ සම්බන්ධ විමර්ශන 2015 දී විමර්ශන ආරම්භ කරන ලද අතර 2016 වසරේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.
මෙම නඩුකරය අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවන ලද අතර එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්ය සමරනායක, සුදර්ශන බණ්ඩාර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටීයහ.
මෙම නඩුකරය 2027 පෙබරවාරි මස 11වන දා යළි කැඳවන ලෙස නියෝග කළ මහෙස්ත්රාත්වරයා එදින නීතිපති උපදෙස් පිළිබඳ කටයුතු වල ප්රගතිය දැනුම් දෙන ලෙසත් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.














