ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා අමාත්‍ය අනිල් ජයන්ත හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පත්වූ එරික් මේයර් මහතා අද (21) දින කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා මුදල් අමාත්‍යාංශයේදී හමුවිය. 

නව තානාපති ලෙස පත්වූ එරික් මේයර් මහතාට මෙහිදී අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පළමුවෙන්ම සිය සුභාශිංසන එක් කළේය. 2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසුව රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇති බව අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය. මෙම ස්ථාවර මට්ටමේ සිට පරිවර්තනීය තත්ත්වය දක්වා ගෙන යාමේදී විදෙස් ආයෝජන හා වෙළඳාමේ වැදගත්කම පිළිබඳව තානාපතිවරයා සහ අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත් අතර ඒ සඳහා සහාය ලබාදීමටද එක්සත් ජනපද තානාපතිවරයා එකඟ විය.

රජයේ මූල්‍ය විනය පිළිබඳවත් ආර්ථිකය ස්ථාවර කිරීමට හා ආයෝජන කැඳවා ගැනීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් එරික් මේයර් මහතා මේහිදී සිය ප්‍රසාදය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website