වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මවුවරුන්ට විශේෂ සහනයක් දෙන යෝජනාවක්

වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක් පසුගිය දා රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට යොමු විය.

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් විය.

වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් සිරකාරියන් සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාරියන් යන දෙපිරිසෙන්ම සමන්විත වන අතර, කුඩා දරුවන් බන්ධනාගාර පරිසරය තුළ දීර්ඝ කාලයක් ගත කිරීම ඔවුන්ගේ අනාගත වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බැවින්, නඩු කඩිනමින් විභාග කර දඬුවම් නියම කිරීම හෝ නිදහස් කිරීමේ ක්‍රමවේදයක් හෝ අවශ්‍ය බව පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website