පොලිස් සේවාව යාවත්කාලීන කිරීමට රුපියල් මිලියන 556ක නවීන උපකරණ ලබා දෙයි

ශ‍්‍රී ලංකා පොලීසිය වෙත රුපියල් මිලියන 556ක මූල්‍ය ප‍්‍රතිපාදන වැය කරමින් නවීන වේගමාපක උපකරණ, පරිගණක හා මුද්‍රණ/ඡායා පිටපත් යන්ත‍්‍ර ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ නිල වශයෙන් ලබා දීම අද (18) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී රුපියල් මිලියන 365ක වියදමින් පරිගණක යන්ත‍්‍ර 1,718ක්, රුපියල් මිලියන 129ක වියදමින් ඡායා පිටපත් යන්ත‍්‍ර 575ක්, රුපියල් මිලියන 45ක වියදමින් වේගමාපක යන්ත‍්‍ර හා රුපියල් මිලියන 17ක වියදමින් යූ.පී.එස්. (UPS) 1,750ක් පොලීසිය වෙත ලබා දීම මෙහිදී සිදු විය.

මෙම උපකරණ තොගය මෑත ඉතිහාසයේ පොලීසිය වෙත වැඩිම මුදලක් වැය කර ලබාදුන් උපකරණ ප‍්‍රදානය ලෙස මෙම අවස්ථාව සදහන් කළ හැකිය.

මෙම නවීන උපකරණ ලබාදීම මගින්,

  • මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීම – නවීන වේගමාපක උපකරණ භාවිතයෙන් මාර්ග නීති කඩකරන රථවාහනවලට එරෙහිව කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමට හැකිවීම.
  • පොලිස් ස්ථානවල ලේඛන කළමනාකරණය, දත්ත සුරක්ෂිත කිරීම සහ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
  • තොරතුරු හුවමාරුව වේගවත් කිරීම හා විමර්ශන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කිරීම.

මෙන්ම මහජනතාව වෙත කාර්යක්ෂම සේවයක් ලබා දීමටත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු කාර්යක්ෂම හා පහසු කිරීමටත් බලාපොරොත්තු වේ.

මෙම පියවර මගින් මහජන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ නවීන තාක්ෂණය සමඟ පොලිස් සේවාව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website