චාමර සම්පත්ට එරෙහිව අධි චෝදනා ගොනු කළා – අල්ලස් කොමිෂම අධිකරණය දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාට දැනුම් දුන්නේය.

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී චාමර සම්පත් දසනායක මහතා පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් ඉකුත් වීමට පෙර ආපසු ලබා ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩු ගොනු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව විභාග වෙමින් පවතින එක් නඩුවක් සම්බන්ධයෙන් දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර චාමර සම්පත් මහතාට අදාළ තවත් නඩු දෙකක් ද අද අධිකරණය හමුවේ කැඳවූ අතර, මෙම නඩු මැයි 19 වන දින දක්වා කල් දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website