රජයට තිබෙන්නේ කෙටි කාලීන නොව දීර්ඝ කාලීන ඉලක්ක – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

රජයේ අරමුණ කෙටි කාලීන ඉලක්ක සපුරා ගැනීම නොව දිගුකාලීන සහ වඩාත් ඔරොත්තු දෙන අන්දමේ ඉලක්ක කරා ගමන් කිරීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඊයේ (13)කොළඹ පැවති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ (Chief Executive Organization) Pearl of the Indian Ocean: Sri Lanka programme වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය. “රටක් විදිහට ශ්‍රී ලංකාව ස්ථාවර වෙමින් පවතිනවා. පසුගිය කාලය තුළ අපි ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා වගේම, ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරගෙන තිබෙනවා. මෙම තත්ත්වය ඉදිරියට පවත්වා ගැනීමට අපි කැපවී ක්‍රියා කරනවා. අපගේ අරමුණ කෙටි කාලීන ඉලක්ක සපුරා ගැනීම නොවෙයි, දිගුකාලීන සහ වඩාත් ඔරොත්තු දෙන අන්දමේ ඉලක්ක කරා ගමන් කිරීමයි. තිරසාර ආයෝජන හවුල්කාරිත්වයන් සඳහා හොඳින් සූදානම්, ස්ථාවර, විනිවිදභාවයෙන් යුතු ශ්‍රී ලංකාවක් අපි ගොඩනඟමින් සිටිනවා”

පෙබරවාරි 13 වන දින කොළඹ පැවති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ (Chief Executive Organization) Pearl of the Indian Ocean: Sri Lanka programme වැඩසටහනට සහභාගී වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website