ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමේ / RCEP සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ?

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන Regional Comprehensive Economic Partnership – RCEP හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය සඳහා සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා පැවසුවේය.

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ  අද (19) වෙළෙඳ, වාණිජ,  ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේදී ය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, චීනය, ජපානය ඇතුළු ආසියා – පැසිෆික් රටවල් 15ක් සාමාජිකත්වය දරන RCEP ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හා ජනගහනයෙන් 30%ක් ආවරණය කරනු ලැබේ. වෙළෙඳ බාධක අඩුකිරීම, ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම හා භාණ්ඩ, සේවා හා ආයෝජන පිළිබඳ නවීකරණය කරන ලද පුළුල් නීති හරහා කලාපීය ඒකාබද්ධතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම හවුල්කාරිත්වය ක්‍රියාත්මක වේ.

ආහාර සුරක්ෂිතතාවට අදාළව ද මෙහිදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සහ අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාදීමට මහ කොමසාරිස්වරයා කැමත්ත පළ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website