බොම්බයි ළුෑණු ලොකු ළුෑණු කළ ජනතා ජනතා විමුක්ති පෙරමුණ දැන් ආණ්ඩු බලය ලැබුණා ම, වැඩේ හරියට කර ගන්න නොහැකි වුණා ම, වෙළෙඳපොළ කළමනාකරණය ගැන අත්දැකීම් නැති කොට ලොකු ළුෑණු ගෙඩිය මනින තැනට පත් වුණා.
- වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරිය ලෙස ඔබට වත්මන් ආණ්ඩුව ගැන තක්සේරුවක් තිබෙනවා ද ?

ඔව්, කවුරුත් කතා නො කරන, නමුත් යළි යළිත් මතක් කළ යුතු ඉතාම වැදගත් කාරණයක්, ඉතිහාසයක් මුලින්ම මතක් කරන්න ඕනෑ ආණ්ඩුවට මොන තරම් ලොකුවට හිතාගෙන හිටියත්, උද්දච්ඡ වුණත් අද මේ රටේ ඉන්නේ සුළුතර ජනාධිපතිවරයෙක්, රටේ බහුතර ජනතාවගේ කැමැත්තක් නැති ජනාධිපතිවරයෙක්. වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේ පළමු වටයේ දී 50%ක සීමාව පසු කළේ නැහැ, ඔහු ජනාධිපතිවරණය ජය ගත්තේ දෙවැනි මනාපයෙන්. ඒත් අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අනුර කුමාර දිසානායක මැතිතුමා අතර විශාල ඡන්ද පරතරයක් තිබුණේ නැහැ. ඉතා ම සුළු ඡන්ද ප්‍රමාණයකින් තමයි ඔහු ජයග්‍රහණය කළේ. ඒ නිසා මම යළි යළිත් අවධාරණය කරනවා මේ ඉන්නේ සුළුතර ජනාධිපතිවරයෙක්. ඔහුට රටේ බහුතර ජනතාවගේ ඡන්දය ලැබුණේ නැහැ. ඒත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නිසා ඒ උණුසුම මැද ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ අනපේක්ෂිත ජයග්‍රහණයක් ලැබුණා. මම මෙහි ‘අනපේක්ෂිත’කියන වචනය යළි අවධාරණය කරන්න කැමැති යි. ඇත්තටම ඔවුන් මෙවැනි බලයක් කිසිසේත් අපේක්ෂා කළේ නැහැ. ඒත් ජනතාව විශාල විශ්වාසයක් ඇතිව ඔවුන්ට අති බහුතර බලයක් ලබා දුන්නා. 3%ක සිටි පක්ෂයක් 42%ක් දක්වා ඔසවා තැබුවා. මන්ත්‍රීධුර තුනක් තිබුණ පක්ෂයකට දරා ගන්න බැරි, විශ්වාස කරන්න බැරි මන්ත්‍රීධුර ලබා දුන්නා.
- ඔබ මේ ආකාරයට චෝදනා කළත් ජනතාව සතුටින් සිටින බව ආණ්ඩුව පුනපුනා කියනවා නේද ?
ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු සහ ජවිපෙ කාඩාර්වරු සහ හිතවත් ව්‍යාපාරික කල්ලිය නම් සතුටින් සිටින බව පේනවා. ඒත් ජනාධිපතිවරයා පත් වෙලා මාස 14ක් පමණ වෙන කොට ජනතාව දැඩි අපේක්ෂා භංගත්වයකට පත්ව සිටිනවා. ජනතාව එක්ක ඉන්න මන්ත්‍රීවරු ලෙස අපිට ඒක පේනවා. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ පොහොසත් රටක් හෝ ලස්සන ජීවිතයක් ජනතාවට ලැබුණේ නැහැ. ඒ වෙනුවට ජනතාවට ලැබුණේ අර්බුදයෙන් අර්බුදයට යන, කිසිම දැක්මක් නැති රටක්, කට වාචාලකම පමණක් එකම ශක්තිය කර ගත් පාලකයින් පිරිසක්. ගෙවී ගිය කාලය තුළ රට පොහොසත් වීම වෙනුවට දුප්පත් වුණා. විදේශ සංචිත අඩු වුණා, ආර්ථික වර්ධන වේගය අඩු වුණා, ඒත් එක්කම උද්ධමනය වැඩි වුණා, මේ වන විට රටේ දුප්පත්කම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. රැකියා බිහි නොවන නිසා තරුණ පිරිස දැඩි අසහනයට පත්ව සිටිනවා. ඒ වගේම ජනතාව ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වුණා. ඒත් ජනතාවට ලැබුණේ දවස ගානේ මහ පාරේ ඝාතන සිද්ධ වෙන, කිසි ආර්ථික සංවර්ධනයක් සිදු නොවන රටක්.
අද ජනතාවම කියන ආකාරයට මේ කල්ලිය බලය අල්ල ගන්න අවුරුදු 60ක් තිස්සේ පරම්පරා දෙක තුනක් තිස්සේ ජනතාවට බොරු කිව්වා, ඒත් ඒ බොරුව වෙනුවෙන් 1971 දී සහ 1988-89 දී මේ රටේ ජනතාව හිතා ගන්න බැරි තරම් මිනිස් ජීවිතවලින් වන්දි ගෙව්වා, රටේ ආර්ථිකයෙන් වන්දි ගෙව්වා.

ඔබ මේ ආකාරයට චෝදනා කළත් බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුවට තව කල්දිය යුතු බව නේද ?, අත්දැකීම් ගන්න, ඉගෙන ගන්න අවස්ථාව ලබාදිය යුතු බව නේද ?
ඔබ හොඳට මතක් කර බලන්න මැතිවරණයට පෙර මේ අය මොනවද කිව්වේ. ‘අපිට මාස හයකට බලය දීලා බලන්න’ කියලා නේද වත්මන් ජනාධිපතිවරයා, එවකට විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ඔවුන් සතුව රට පොහොසත් කරන, ජනතාවගේ ජීවිත ලස්සන කරන වඩාත් ප්‍රායෝගික සැලසුම්, වැඩපිළිවෙළක් තිබෙනවා නේද කිව්වේ. විදේශගත බුද්ධිමතුන්, ඉහළම වෘත්තිකයින් ඔවුන් සමඟ ඉන්න නිසා මාස හයෙන් රට ගොඩදානවා කියලා නේද කිව්වේ. ඒත් දැන් ඔවුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 60ක් තිස්සේ කිව්වේ බොරු, කළේ බොරු, ඔවුන් මේ දක්වා දැරූ මතය නිවැරදි නොවන බව ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරු ප්‍රසිද්ධියේම කියනවා ‘බලය ලබා ගන්න බොරු කිව්වා’ කියලා. ජනාධිපතිවරයත් කිව්වා ඔහු විපක්ෂයේ සිටිය දී පාර්ලිමේන්තුවේ දී බොරු කිව්වා කියලා. අද ජනතාවම කියන ආකාරයට මේ කල්ලිය බලය අල්ල ගන්න අවුරුදු 60ක් තිස්සේ පරම්පරා දෙක තුනක් තිස්සේ ජනතාවට බොරු කිව්වා, ඒත් ඒ බොරුව වෙනුවෙන් 1971 දී සහ 1988-89 දී මේ රටේ ජනතාව හිතා ගන්න බැරි තරම් මිනිස් ජීවිතවලින් වන්දි ගෙව්වා, රටේ ආර්ථිකයෙන් වන්දි ගෙව්වා. ඒ නිසා මේ ආණ්ඩුව වැඩ ගෙන ගන්න, අත්දැකීම් ගන්න තව කල් දිය යුතුයි කියලා කියන්න කිසිම පදනමක් නැහැ. රාජ්‍ය පාලනය කියන්නේ, ආණ්ඩුකරණය කියන්නේ අත්දැකීම් ගන්න කරන දෙයක් නොවෙයි. ආණ්ඩුව අත්දැකීම් ලබා ගන්නකම් ජනතාවට බලා ඉන්න බැහැ.
ඔබ නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ ගොවියෝ, විශේෂයෙන් ලොකු ළුෑණු ගොවියෝ මේ වන විට ආණ්ඩුවට එරෙහිව පාරට ඇවිත් නේද ? ඇතත්ටම මෙතැන මොකක්ද වෙන්නේ ?
මුලින්ම කියන්න ඕනෑ ‘ලොකු ළුෑණු’ ගැන ආණ්ඩුව කියන කතාව. මම දැක්කා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා, ‘මේවට ලොකු ළුෑණු කියලා කියන්නෙත් ඒවා ලොකු නිසානේ’කියලා. ඔව්, ඔහු කියන කතාව ඇත්ත. ඒත් මෙවැනි ප්‍රකාශ හරහා ඔවුන් මේ සාධාරණීකරණය කරන්න හදන්නේ ලංකා සතොස හරහා ලොකු ළුෑණු මිල දී ගන්න කොට කිලෝවකට ගෙඩි අටක් තිබිය යුතුයි කියන කොන්දේසියනේ. ඒත් අපි මේ කියන ලොකු ළුෑණු කතාවේ මුලට යමුකෝ. 1988ට කලින් ලංකාවේ මිනිස්සු කෑවේ ‘බොම්බයි ළුෑණු’ කියලා ජාතියක්. ඒවා ආනයනය කළේ ඉන්දියාවෙන්, බොම්බායි වලින්. ඒ නිසා ජනතාව මේ ළුෑණුවලට කිව්වේ ‘බොම්බයි ළුෑණු’ කියලා. ඒ වගේම ඉන්දියාවෙන් ආනයනය කළ පරිප්පු ‘මයිසූර් පරිප්පු’ කියලා කිව්වා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ 1988-89 කාලයේ ඊනියා ඉන්දීය විරෝධයක් මුල් කර ගනිමින් නැවත ආයුධ අතට ගත්තා. රට පුරා මිනිස්සු ඝාතනය කළා, ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයින්, ඔවුන්ගේ ආධාරකුරුවන්, හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය සේවකයින්, ව්‍යපාරිකයින් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරමින් රට තුළ දැවැන්ත භීෂණයක් නිර්මාණය කළා. ඒ අතරේ ඉන්දීය විරෝධය උපරිම කරලා ඉන්දීය භාණ්ඩ වර්ජනය කරන ලෙස දැඩි බලපෑමක් කළා. ඒ නිසා තමයි බොම්බයි ළුෑණු වලට මිනිස්සු ‘ලොකු ළුෑණු’ කියලා කියන්න පටන් ගත්තේ. මයිසූර් පරිප්පු ‘රතු පරිප්පු’ කළා. බොම්බයි ළුෑණු ලොකු ළුෑණු කළ ජනතා ජනතා විමුක්ති පෙරමුණ දැන් ආණ්ඩු බලය ලැබුණා ම, වැඩේ හරියට කර ගන්න නොහැකි වුණා ම, වෙළෙඳපොළ කළමනාකරණය ගැන අත්දැකීම් නැති කොට ලොකු ළුෑණු ගෙඩිය මනින තැනට පත් වුණා.

අද අපේ මාතලේ ගොවියෝ මේ ආණ්ඩුවට කියන්නේ ‘වට ආණ්ඩුව’ කියලා, ‘සල්ලඩ ආණ්ඩුව’ කියලා. ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ලොකු ළුෑණු ගොවීන්ට තමන්ගේ ලොකු ළුෑණු අස්වැන්න සල්ලඩයෙන් හළලා ලොකු ගෙඩි තෝරලා සතොසට අලෙවි කරන්න සිද්ධ වෙලා තියෙනවා, ලොකු ළුෑණු ගෙඩිය මනින්න සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව මේ දේම වී ගොවීන්ටත් කළා. වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගන්න කොට ‘තෙත වී’ කියලා නම් කරලා ලොකු අවුලක් ඇති කළා. අද අල ගොවියත් මේ අර්බුදයේම කොටස්කාරයෙක් වෙලා යනඑන මං නැතිව ඉන්නවා. ඔවුන් මෑත ඉතිහාසයේ වඩාත්ම දුෂ්කර තත්ත්වයට මේ වන විට පත්ව සිටිනවා. ඔවුන් දැඩි අපේක්ෂාභංගත්වයක ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණ බලයට ඒමට පෙර දේශීය ගොවියා, කෘෂිකර්මාන්තය ගැන මොන තරම් කැක්කුමකින් ද කතා කළේ. ඒත් අද සිද්ධ වෙන්නේ මොකක්ද ?, හිතවත් ව්‍යාපාරික කල්ලියකගේ වුවමනා එපාකම් තමයි මේ ආණ්ඩුව ඉටු කරන්නේ. කෘෂිකර්ම ඇමැතිට ගොවියෝ ගැන කිසිම කැක්කුමක් නැහැ. වෙළෙඳ ඇමැතිට ඒක ගෑවිලාවත් නැහැ. ඔවුන් සහයෝගයෙන් කටයුතු කරලා, මනා කළමනාකරණයකින් මේ ගැටලුවට විසඳුම් සොයන්නේ නැහැ. ඒ වෙනුවට ගොවියටම චෝදනා කරමින් සිටිනවා. මේක කිසිසේත් ගොවියෝ මාළිමාව ආණ්ඩුවෙන්, තඹුත්තේගම අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවෙන් අපේක්ෂා කළ තත්ත්වයක් නොවෙයි. දැන් කෘෂිකර්ම අමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා ආගිය අතක් නැහැනේ, වසන්ත සමරසිංහ ඇමැතිවරයා කියන කතා ඇහුවට අපේ ගොවීන්ට පොළොවේ පස් කන්න හිතිලා ඇති.
- ඔබ ආණ්ඩුව කොතරම් දැඩිව විවේචනය කළත් විකල්ප ආණ්ඩුව ලෙස විපක්ෂය ශක්තිමත් වෙන බවක් පේන්න නැති බවයි අපට පේන්නේ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක වහළක් යටට එන්නේ කවදාද ?
මේ වන විට ඒ ගැන සාකච්ඡා සිදු වෙමින් තිබෙනවා. මම විශ්වාස කරනවා මේ සාකච්ඡා සාර්ථක වෙයි කියලා. පක්ෂ බෙදෙනවා වාගේ, කැඩෙනවා වාගේ යළි එක්සත් කිරීම පහසු නැහැ. ඒවා යළි පාස්සන්න ගියාම කඩතොළු පේනවා, යළි යළි කැඩෙනවා. ජපන් ජාතිකයින් බිඳුණු බඳුන් යළි පිළිසකර කරන්නේ රත්‍රං වලින්නේ. ඔවුන් පළුද්ද වහන්නේ රත්‍රංවලින්. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක් වෙනවා නම් බිඳුණු හිත් කිසිම පළුද්දක් නොපෙනෙන් රත්‍රං වලින්ම පාස්සනවා නම් හොඳයි කියලා.
- ඒකාබද්ධ පොදු විපක්ෂය නොවැම්බර් 21 වැනිදා දැවැන්ත රැළියක් පැවැත්වීමට සූදානම් වෙනවා. මේකට ඔබේ පක්ෂය සහභාගී වෙනවාද ?
අල්ලස සහ දූෂණය පිටු දකින්න, මත්ද්‍රව්‍ය පිටුදකින්න සහ හොරු අල්ලන්න ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අපි පක්ෂයක් ලෙස කිසිම විරුද්ධත්වයක් නැහැ, අපි ඒ වෙනුවෙන් අපේ උපරිම සහාය ආණ්ඩුවට ලබා දෙනවා. ඒත් මේවා දඩමීමා කරගෙන ආණ්ඩුව ගෙන යන මර්දනයට අපි කොන්දේසි විරහිතව විරුද්ධ වෙනවා පමණක් නොවෙයි මේ ව්‍යවස්ථාපිත මර්දනය පරාජය කිරීමට කටයුතු කරනවා. ඒ නිසා ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙන නොවැම්බර් 21 වැනිදා ඒකාබද්ධ පොදු විපක්ෂය සූදානම් කරන විරෝධතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අදාළ සාකච්ඡාවලට අපේ පක්ෂයේ නියෝජිතයින් කිහිප දෙදෙනකු සහභාගී කරවීමට පියවර ගෙන තිබෙනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල අනුව පක්ෂය අදාළ පියවර ගනී කියලා මම හිතනවා.
සංවාද සටහන – භාතිය බරුකන්ද
මූලාශ්‍රය – රතුඉර පුවත්පතේ 2025 නොවැම්බර් 09 දින කලාපය ඇසුරිණි














