විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට නාමල් රාජපක්ෂගෙන් අභියෝගයක්

වත්මන් ආණ්ඩුව රටේ ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ඉටු­ක­ර­වීම සඳහා බල­ක­රන අතර මර්ද­න­යට එරෙ­හිව සටන් කරන බවත්  ජන­තාව වෙනු­වෙන් අවං­ක­වම පෙනී සිටින දේශ­පා­ලන පක්ෂ සියල්ල එළ­ඹෙන 21දා නුගේ­ගො­ඩට පැමි­ණෙනු ඇතැයි විශ්වා­සය කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මේ බව සද­හන් කළේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­න­යේදී ඊයේ (06) පැවති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

21 වැනි රැළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසුවේය,  “සුන්බුන් එකතු කරලා හැදුවා කිවුවා. පාපිසි පාර්ලි­මේ­න්තු­වට ආවා කියලා ජනා­ධි­ප­ති­තුමා කිවුවා. නමුත් අපේ දේශ­පා­ලන බල­වේ­ගය තුළ සුන්බුන් සහ පාපිසි කෑලි නැහැ. අපි මේ රටේ ජන­තාව වෙනු­වෙන් පෙනී සිටි­නවා. ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ටික ඉටු­කර ගන්න ආණ්ඩු­වට නොහැකි වෙන­කොට ඒක වෙනු­වෙන් කතා කරන විප­ක්ෂය මර්ද­නය කරන්න කට­යුතු කර­නවා. ඒ මර්ද­න­යට කෙඳිරි ගාන්නේ නැති­කොට ආණ්ඩුව කෙඳිරි ගානවා. දැන් ආණ්ඩුව කෙඳිරි ගාන්න පට­න්ගෙන තිබෙ­නවා. ජන­තාව වෙනු­වෙන් පෙනී සිටින්න, ආණ්ඩුවේ මර්ද­න­යට සහ බොරු­වට එරෙ­හිව පෙනී සිටින්න, ආණ්ඩුව ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ඉටු­ක­ර­වීම සඳහා බල­පෑ­මක් කරන්න සූදා­නම් ඕනෑම දේශ­පා­ලන පක්ෂ­ය­කට සහ කණ්ඩා­ය­ම­කට එළ­ඹෙන 21 දා නුගේ­ගොඩ දී පැවැ­ත්වෙන රැස්වී­මට සහ­භාගි වෙන්න පුළු­වන්“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website