නාමල්ගේ Airbus නඩුවට සාක්ෂි දෙන්න Airbus ගෝලීය අල්ලස් ජාලය හෙළි කළ විමර්ශන විශේෂඥවරිය ශ්‍රී ලංකාවට

Airbus සමාගම සම්බන්ධයෙන් ලෝකය පුරා සිදුකළ දැවැන්ත අල්ලස් හා දූෂණ විමර්ශනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් විමර්ශන විශේෂඥවරියක වන යූස්ර් ඛලීල් (Yousr Khalil) නාමල් රාජපක්ෂට එරෙහිව විභාග වන එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අදාළ නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් අතර යූස්ර් ඛලීල් ද සිටින බව වාර්තා වේ.

යූස්ර් ඛලීල් Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කාරිනියක වන අතර එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

ඇය සමග එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසී (Karl Hennessee) ද මෙම නඩුවේ තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇත.

මෙම නඩුව සඳහා අවශ්‍ය ලේඛන සාක්ෂි ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ සිංගප්පූරුව යන රටවලින් ලබා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website