ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ Tier ‘B’ තෙදින ක්‍රිකට් තරගාවලිය 2026 නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි මූලික වටයේ තරග දෙසැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වේ.
මෙවර තරගාවලියේ ‘A‘ කාණ්ඩයට නිගම්බු, යුනයිටඩ් සදර්න්, යුද හමුදාව, කැන්ඩි කස්ටම්ස්, ගෝල් සහ කුරුණෑගල ක්‍රීඩා සමාජය ඇතුළත් වන අතර, ‘B‘ කාණ්ඩය චිලව් මේරියන්ස්, ලියෝ, මොරටුව, රාගම, සෙබස්තියනයිට්ස් සහ නාවික හමුදා යන කණ්ඩායම්වලින් සමන්විත වේ.
පසුගිය තරග වාරයේ ‘ටියර් B’ තෙදින තරගාවලියේ ශූරතාව දිනාගත් එස්.එස්.සී. කණ්ඩායම ප්‍රධාන පෙළ සිව්දින තරගාවලිය සඳහා උසස්වීම් ලැබීම හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී නොවේ. ඒ වෙනුවට පසුගිය තරගාවලියේ ‘B‘ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ චිලව් මේරියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියට එක් කර තිබේ.
එමෙන්ම පසුගිය තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ මැලේ ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙවර තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, දෙවැනි පෙළ තරගාවලියේ ශූරතාව දිනාගත් කුරුණෑගල ක්‍රීඩා සමාජය ඒ වෙනුවට ‘A‘ කාණ්ඩයට ඇතුළත් කර ඇත.
මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් හයක් සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර, අනෙක් කණ්ඩායම් හය ප්ලේට් තරග වටයට එක් වේ. එම වටයේ තරග 2027 ජනවාරි 08 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පළමු සතියේ තරග නොවැම්බර් 27 සිට 29 දක්වා පැවැත්වෙන අතර, නිගම්බු සහ කුරුණෑගල අතර තරගය කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. යුනයිටඩ් සදර්න් සහ ගෝල් අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී ද, යුද හමුදාව සහ කැන්ඩි කස්ට්ම්ස් අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ද පැවැත්වේ.
එමෙන්ම චිලව් මේරියන්ස් සහ නාවික හමුදා අතර තරගය පානදුරේදීත්, ලියෝ සහ බෙස්තියනයිට්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය. මොරටුව සහ රාගම අතර තරගයේ ක්‍රීඩාංගණය මෙතෙක් තීරණය කර නොමැත.
Tier ‘B’ තෙදින තරගාවලියේ මූලික වටයේ තරග කාලසටහන
2026 නොවැම්බර් 27 – 29
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| Negombo CC | Kurunegala SC | BRC |
| United Southern SC | Galle CC | ගජබා – සාලියපුර |
| SL Army SC | Kandy Custom SC | යුද හමුදා – පනාගොඩ |
| Chilaw Marians | Navy SC | පානදුර |
| Leo CC | Sebastianite C & AC | ගුවන් හමුදා – කටුනායක |
| Moratuwa SC | Ragama CC | ද සොයිසා – මොරටුව |
2026 දෙසැම්බර් 04 – 06
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| Galle CC | Negombo CC | ගුවන් හමුදා – කටුනායක |
| Kandy Custom SC | Kurunegala SC | යුද හමුදා – දොඹගොඩ |
| United Southern SC | SL Army SC | ගජබා – සාලියපුර |
| Sebastianite C & AC | Chilaw Marians | BRC |
| Navy SC | Ragama CC | නාවික හමුදා – වැලිසර |
| Moratuwa SC | Leo CC | ද යොයිසා – සාලියපුර |
2026 දෙසැම්බර් 11 – 13
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| Negombo CC | Kandy Custom SC | ගුවන් හමුදා – කටුනායක |
| SL Army SC | Galle CC | යුද හමුදා – පනාගොඩ |
| Kurunegala SC | United Southern SC | යුද හමුදා – දොඹගොඩ |
| Ragama CC | Chilaw Marians | යුද හමුදා – සාලාව |
| Sebastianite C & AC | Moratuwa SC | BRC |
| Navy SC | Leo CC | නාවික හමුදා – වැලිසර |
2026 දෙසැම්බර් 18 – 20
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| Negombo CC | SL Army SC | ගුවන් හමුදා – කටුනායක |
| Kandy Custom SC | United Southern SC | යුද හමුදා – දොඹගොඩ |
| Kurunegala SC | Galle CC | සමාධි – අනුරාධපුර |
| Chilaw Marians | Moratuwa SC | බ්ලූම්ෆීල්ඩ් |
| Leo CC | Ragama CC | BRC |
| Navy SC | Sebastianite C & AC | නාවික හමුදා – වැලිසර |
2026 දෙසැම්බර් 27 – 29
| කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| United Southern SC | Negombo CC | ගුවන් හමුදා – කටුනායක |
| SL Army SC | Kurunegala SC | යුද හමුදා – පනාගොඩ |
| Galle CC | Kandy Custom SC | BRC |
| Chilaw Marians | Leo CC | යුද හමුදා – දොඹගොඩ |
| Moratuwa SC | Navy SC | ද යොයිසා – මොරටුව |
| Ragama CC | Sebastianite C & AC | බ්ලූම්ෆීල්ඩ් |
















