රජය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ උදය ගම්මන්පිල මහතා ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර යෝජිත නීති සම්පාදනයේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව, මතභේදාත්මක විධිවිධාන බලාත්මක කළහොත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ගම්මන්පිල මහතා ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.












