Facebook Post මඟින් වාහන විකුණා දෙන බව පවසා මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක්ඊයේ (14) රාත්‍රියේ හෝමාගම මාවතගම ප්‍රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පළකර දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම මාවත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම සැකකරු 21 හැවිරිදි වියේ පසුවේ.

Facebook ගිණුමක් මගින් වාහන විකුණා දෙන බවත්, සතියක කාලයක් ප්‍රචාරය ලබාදීමට රුපියල් 5,000/= ක්, සති දෙකක කාලයක් ප්‍රචාරය ලබාදීමට රුපියල් 10,000/= ක්, මාසයක කාලයක් ප්‍රචාරය ලබාදීමට රුපියල් 15,000 ක් බැගින් අය කර වාහන අලෙවි කර දෙන බව දුරකථන පණිවිඩ මගින් පවසා මොහු විසින් පුද්ගලයන්ගෙන් මුදල් වංචා සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මුදල් ලබාගත්තද දැන්වීම් පළනොකර එම මුදල් වංචා කරමින් සාපරාදී සාවාද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම සහ අන් අයෙකු ලෙස පෙනී සිටිමින් වංචාකිරීම යන වැරදි සිදුකළ මෙම සැකකරු සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website