ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස් කළ අඹුසැමි යුවළක් වේරහැරදී අත්අඩංගුවට

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ව්‍යාජව සකස් කරන ලද තාවකාලික රියැදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සම්බන්ධයේ සිදුකරන ලද විමර්ශනයකට අදාළව 2026.10.04 දින උදෑසන වේරහැර පොලිස් වසමේ වේරහැර ජනාතා මාවත ප්‍රදේශයේදී ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස්කල සැකකරුවෙකු හා සැකකාරියක් ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍රක් සමඟ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර අත.

සැකකාරිය අවුරුදු 43 ක් හා සැකකරු අවුරුදු 49 ක් වූ ජනාතා මාවත, වේරහැර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරු හා සැකකාරිය විසින් වසර එකහමාරක පමණ කාලයක සිට මෙම ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවිකර ඇති බවට අනාවරණය වී ඇත.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website