කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (06) පෙ.ව 09.00 සිට 08 වැනිදා පෙ.ව 09.00 දක්වා කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඒ අනුව උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අඩාල වන කාලය තුළ ගබඩා කර ඇති ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටී.













