අවහිරතා ඉවත් කරයි – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website