හබරණ-කන්තලේ මාර්ගයේ රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට

හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී කාර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් ත්‍රීරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යවා ඇති අතර, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website