දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාරාන්තික රිය අනතුරු වලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට

කිරින්ද පොලිස් වසමේ විලමුල්ල: කිරින්ද තිස්සමහාරාම මාර්ගයේදී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා හම්බන්තොට රෝහලට මාරු කර යවා තිබේ.

හබරණ පොලිස් වසමේ අලුත්ඔය: හබරණ කන්තලේ මාර්ගයේදී කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.

අනුරාධපුර පොලිස් වසමේ සාලියපුර: අනුරාධපුර රඹෑව මාර්ගයේදී ඉදිරියෙන් ධාවනය වූ බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය බස් රථයේ ගැටී සිදුවූ අනතුරකින් සාලියපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබිණි.

මැදවච්චිය පොලිස් වසමේ කිරිගල්වැව: හොරව්පතාන මැදවච්චිය මාර්ගයේදී ධාවනය වූ කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී සිදුවූ අනතුරකින් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, තවත් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.

හක්මණ පොලිස් වසමේ කරතොට: හක්මණ කරතොට මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි රැහැණ් කණුවක ගැටීමෙන් හක්මණ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිදුවු අනතුරු සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website