හීන් ගඟේ දිය නෑමට ගිය 11 හැවිරිදි බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙති

උඩුදුම්බර, කයිකාවල ප්‍රදේශයේ හීන් ගඟේ දිය නෑමට ගිය 11 හැවිරිදි බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඊයේ (13) දියේ ගිලී අපවත් වී ඇති බව උඩුදුම්බර පොලිසිය පවසයි.

උන්වහන්සේ මිනුවන්ගොඩ පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක වාසය කර ඇත.

උඩුදුම්බර පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ අපවත් වූ භික්ෂූන් වහන්සේ දානමය උත්සවයකට සහභාගී වීම සඳහා උඩුදුම්බර වෙත ගොස් පසුව තවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු සමඟ හීන් ගඟේ දිය නෑමට ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website