GovPay නමින් සිදුවන ව්‍යාජ SMS/iMessage පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් විශේෂ මහජන දැනුම්දීමක්

GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පොලිසියේ රථවාහන අංශය මගින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත මේ වන විට කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය මඟින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත ලැබී ඇති කෙටි පණිවුඩ (SMS / iMessage) සහ ඒ සමඟ ඇති ‘GovPay’ සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමඟ යැවීම සඳහා සකස් කරන ලද සයිබර් වංචාවක් වන අතර ඒ අකාරයේ ආකාරයේ කිසිදු දඩ මුදලක් ගෙවීම සඳහා ‘GovPay’ නිල වේදිකාව හරහා මෙවැනි කෙටි පණිවුඩ හෝ දැනුම්දීම් නිකුත් කිරීමට අමාත්‍යාංශය හෝ රජයේ කිසිදු ආයතනයක් පියවර ගෙන නොමැත.

‘GovPay’ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් වන අතර, මෙවැනි විදේශීය හෝ සැකසහිත වෙබ් අඩවි සබැඳි (විශේෂයෙන් lygov.art වැනි ව්‍යාජ ඩොමේන්) හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරයි.

මෙම වංචනික පණිවුඩ මඟින් පුරවැසියන්ගේ පුද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ දරන බැවින්, මෙවැනි පණිවුඩ වෙත ප්‍රතිචාර දැක්වීමෙන් හෝ ඒවායේ ඇති සබැඳි (Links) වලට ඇතුල්වීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website