ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 (MW) සූර්ය බලශක්තිය එක් කිරීමේ වැඩසටහන යටතේ වේයන්ගොඩ ඉදිකරන ලද මෙගවොට් 3ක භූමි සවිකර ඇති සූර්ය බල ව්‍යාපෘතිය ඊයේ (13) බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.
මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 6.35 ක පමණ විදුලි ධාරිතාවක් ජනනය කිරීමට අපේක්ෂා කරන බව කී බලශක්ති අමාත්‍යවරයා 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් හරහා සපුරා ගැනීම ඉලක්කය බව ද කීවේය.














