කීර්මත් පොලිස් නිලධාරියෙකු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා 38 වසර සේවය අවසන් කරමින් අද (08) පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත්තේය.
ඔහු විශ්‍රාම යන විට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය.
අජිත් රෝහණ මහතා විශ්‍රාමයාම නිමිත්තෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක් පැවැත් වීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයාට හිමි වාර්තාව තමා සතු කරගත් අජිත් රෝහණ මහතා නීතිවේදීයෙකු (LL.B) ද වේ.
අභියෝගාත්මක කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සුවිශේෂී සන්නිවේදන කාර්යභාරයක් ඉටු කළේය.
අවිස්සාවේල්ලේ, කොස්ගම උපත ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර පාසල් අවධියේදී කැපී පෙනෙන දක්ෂ කථිකයෙකු විය.
2020 වසරේදී ඔහුට පොදු මහජන සේවය උදෙසා සම්මානනීය ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදි.













