විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේය.
රාජ්‍ය විශ්වවිද්‍යාල බරපතළ භෞතික හා මානව සම්පත් හිඟයකට මුහුණ දී සිටින බව කී ඉලංගසිංහ මහතා ජනාධිපතිවරයා රාජ්‍ය විශ්වවිද්‍යාල 50ක් අලුතින් ඇති කරන බව පැවසුව ද විශ්වවිද්‍යාල අලුතින් ඇති කිරීමට පෙර පවතින විශ්වවිද්‍යාල 17හි ගුණාත්මක බව රැක ගැනීම වැදගත් බව ද අවධාරණය කළේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැති වීම බරපතළ ගැටලුවක් බව ද ඔහු පැවසුවේය.
මෙම ගැටලු හේතුවෙන් 2025 උසස් පෙළට පෙනී සිටි සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත බඳවා ගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ද ඉලංගසිංහ මහතා සඳහන් කළේය.














