ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා අද (08) දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර ඇත.
රාජනාත් සිං මහතා පහත සඳහන් කාලසීමාවන් තුළ කොළඹ නගරයේ සංචාරය කිරීමට නියමිත මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇත.
1. 2026.09.08 දින පැය 1330 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ටාජ් සමුද්‍රා හෝටලය වෙත ගමන් කිරීම
ගමන් මාර්ගය: කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිට වරාය පරිශ්‍රය ඔස්සේ ගමන් කර, එන්.එස්.ඒ. වටරවුම හරහා ටාජ් සමුද්‍රා හෝටලයට.
2. 2026.09.08 දින පැය 2000 ත් 2100 ත් අතර ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ඉන්දියන් හවුස් වෙත ගමන් කිරීම
ගමන් මාර්ගය: ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය, පුස්තකාල වටරවුම, ග්ලාස් හවුස්, නන්දා මෝටර්ස්, නිදහස් වටරවුම ඔස්සේ ඉන්දියන් හවුස් වෙත ගොස්, නැවත ජේ.ඕ.සී. හන්දිය, මල් පාර, ලිබර්ටි වටරවුම, මයිකල් හන්දිය ඔස්සේ ගාලු මුවදොර වටරවුම හරහා හෝටලය දක්වා.
3. 2026.09.09 දින පැය 0950 ත් 1125 ත් අතර කාලය තුළ ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම හා ආපසු පැමිණීම
ගමන් මාර්ගය: ගාලු මැද පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කර, නැවත එම මාර්ගයේම ටාජ් සමුද්‍රා හෝටලය දක්වා.
4. 2026.09.09 දින පැය 1400 සිට පවත්වන සංචාරයන්.
පැය 1400 ට ටාජ් සමුද්‍රා හෝටලයේ සිට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටි ඉන්දියන් සාමසාධක හමුදා ස්මාරකය වෙත
ගමන් මාර්ගය -: ගාලු මුවදොර වටරවුම, ගාලු පාර, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දියෙන් වමට හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝටන් පෙදෙස, හෝටන් – කින්සි හන්දිය, ඩී.එස්. හන්දිය, මොඩල්ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත ඔස්සේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය වෙත.
පැය 1445 සිට 1545 දක්වා ආරක්ෂක අමාත්‍යංශය වෙත
ගමන් මාර්ගය -: ජපාන මිත්‍රත්ව මාවත හන්දිය, කියන්හෑම් හන්දිය, ත්‍රී බ්‍රිජස් හන්දිය, මඟනැගුම හන්දිය, අරුක්පිටිය හන්දිය, අකුරගොඩ වටරවුම ඔස්සේ.
පැය 1600 ත් 1630 ත් අතර පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත
ගමන් මාර්ගය -: අකුරගොඩ වටරවුම, අරුක්පිටිය හන්දිය, මඟනැගුම හන්දිය, ත්‍රී බ්‍රිජස් හන්දිය, කියන්හෑම් හන්දිය, ජයන්තිපුර හන්දිය ඔස්සේ.
පැය 1635 ත් 1700 ත් අතර ගංගාරාම විහාරස්ථානය වෙත
ගමන් මාර්ගය -: ජයන්තිපුර හන්දිය, පොල්දූව හන්දිය, විදුලිබල මණ්ඩල හන්දිය, බුත්ගමුව හරස් මාර්ග හන්දිය, කජු සංස්ථාව හන්දිය, වැලිකඩ හන්දිය, බණ්ඩාරනායකපුර හන්දිය, ආයුර්වේද හන්දිය, ආදර්ශ ගොවිපළ හන්දිය, ඩී.එස්. සේනානායක හන්දිය, හෝටන් වටරවුම, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, පිත්තල හන්දිය සහ ශ්‍රී ජේම්ස් පීරිස් මාවත – ජිනරතන මාවත හන්දිය ඔස්සේ.
පැය 1730 ට ටාජ් සමුද්‍රා හෝටලය වෙත
ගමන් මාර්ගය -: ශ්‍රී ජේම්ස් පීරිස් මාවත – ජිනරතන මාවත හන්දිය, ශ්‍රී ජේම්ස් පීරිස් මාවත – පෙරහැර මාවත හන්දිය, පෙරහැර මාවත – රොටුන්ඩා වටරවුම, අලියා නාවන වටරවුම සහ ගාලු මුවදොර වටරවුම ඔස්සේ.
5. 2026.09.09 දින පැය 1900 සිට 1910 ත් අතර ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය පරිශ්‍රය වෙත ගමන් කිරීම
ගමන් මාර්ගය: ගාලු මුවදොර මධ්‍යම මාර්ගය – බලදක්ෂ මාවත හරස් මාර්ග හන්දිය, ගාලු මුවදොර මධ්‍යම මාර්ගය – බලදක්ෂ පාර හන්දිය, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ වරාය A 01 පිවිසුම් දොරටුව ඔස්සේ ගමන් කර නැවත එම මාර්ගයෙන්ම හෝටලය වෙත.
6. 2026.09.10 දින පැය 0900 සිට 0910 ත් අතර ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය පරිශ්‍රයේ හෙලිපෑඩ් වෙත ගමන් කිරීම (නුවරඑළිය වෙත)
ගමන් මාර්ගය: ගාලු මුවදොර මධ්‍යම මාර්ගය – බලදක්ෂ මාවත හරස් මාර්ග හන්දිය, ගාලු මුවදොර මධ්‍යම මාර්ගය – බලදක්ෂ පාර හන්දිය, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ වරාය A 01 පිවිසුම් දොරටුව ඔස්සේ ගමන් කර නැවත එම මාර්ගයෙන්ම හෝටලය වෙත.
අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව ප්‍රභූවරයා ගමන් ගන්නා මාර්ගයන්හි කඩින් කඩ 2026.09.08 දින සිට 2026.09.10 දින දක්වා කාලය තුළ රථවාහන ගමනාගමනය සීමා කිරීම් සිදුවිය හැක.













