නාමල් වෙනුවෙන් බන්ධනාගාරයෙන් සහන රැසක්: හෙට පාර්ලිමේන්තුවට යාමටත් අවසර

නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම අවසරය ලබා දුන් බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

සේ අතර නාමල් රාජපක්ෂ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුව වටා විශේෂ ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එසේම නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් කරන ලද ඉල්ලීමකට අනුව මන්ත්‍රීවරයාට ඔහුගේ නිවසේ සිට ආහාර වේල් තුනම ලබා ගැනීමට අවසර දී ඇති බව ද පල්ලෙතැන්න මහතා පැවසුවේය.

නාමල් රාජපක්ෂ මහතා බැලීමට සෑම දිනකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට ද අවසර දී ඇති බව  ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website