රිය අනතුරකින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනාගේ ගමන් මළු තුළ අයිස් මත්ද්‍රව්‍ය – සැකකරුවන් අත්අඩංගුවට

කොටදෙනියාව පොලිස් වසමේ දොරොව්ව ප්‍රදේශයේදි ඊයේ (06) සවස බස් රථයක් හා යතුරු පැදියක් ගැටී රිය අනතුරක් සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු දඹදෙනිය රෝහලට ඇතුළත් කර ඇත. එම රිය අනතුර සම්බන්ධ විමර්ශනය කළ කොටදෙනියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තුවාලකරුවන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් පොලිස් ආරක්ෂාව යටතේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 21 සහ 25 වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

කොටදෙනියාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website