කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු වන අලියෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ඊයේ (04) සවස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරුවන් අවුරුදු 51 හා 67 වයස්වල පසුවූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මරණකරුවන් උස්ගොල්ලෑව 28 කුඹුරු යායේ එළිපෙහෙලි කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත. කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















