සැප්තැම්බර් 03 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකා පොලිසිියේ 160 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට සංවිධානය කළ අදියර 03කිින් යුත් පොලිස් පාපැදි සවාරියේ දෙවන අදියර ඊයේ (02) දින උදෑසන දඹුල්ල නගරය ඉදිරිපිටින් ආරම්භ වී එදින සවස පුත්තලම නගරයේදී අවසන් විය.
පළමු වන ස්ථානය – පැය 3 විනාඩි 24 තප්පර 26කින් තරඟය අවසන් කළ අංක 68 යටතේ කරඟ කළ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක යුධ හමුදා ක්‍රීඩක ටිරාන් පසිදු තිසේරා ක්‍රීඩකයායි.
දෙවන ස්ථානය – අංක 67 යටතේ තරඟ කළ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක පැතුම් වීරසිංහ ක්‍රීඩකයායි. (මෙම ක්‍රීඩකයා පළමු අදයරේ ජයග්‍රාහකයා වේ).
තෙවන ස්ථානය – අංක 46 යටතේ තරඟකළ ගල්කිස්ස නගර සභාවේ අවිශ්ක මෙඩොන්සා ක්‍රීඩකයායි.
මෙම තරඟකරුවන්ට හිමි මුදල් ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වැඩ බලන කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත සි. පල්ලේවෙල මහතාගේ සහභාගීත්වයෙනි.
2026.09.03 වන දින උදෑසන පාපැදි සවාරියේ 03වන අදියර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කර්යාලය අසලින් ආරම්භ වී හලාවත, මාරවිල, මීගමුව, ජා ඇළ, කොළඹ දක්වා ගමන් කර පොලිස් මූලස්ථානය අසලින් අවසන් විය.
(දෙවන අදියරේදී තරඟකරුවන් පාපැදි තරඟයේ යෙදුනු අනුමාන දුර කිලෝමීටර් 130)
















