160 වැනි සංවත්සරයට සමගාමී ‘පොලිස් පාපැදි සවාරිය – 2026’ ඇරඹේ

2026.09.03 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා පොලිසිියේ 160 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට සංවිධානය කළ අදියර 03කිින් යුත් “පොලිස් පාපැදි සවාරිය – 2026” අද (01) දින උදෑසන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වෙයන් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ පොලිස් මූලස්ථානය අසලින් ආරම්භ විය.

නීතිය හා සාමය සුරැකීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා තරුණ ප්‍රජාව අතර විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීමත් තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කර ගැනීම සඳහා ප්‍රචාරක කටයුතු සිදුකිරීමත් ප්‍රමුඛ අරමුණ කරගනිමින් ක්‍රීඩා අමාත්‍යංශයේ හා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා මෙරව තරඟකරුවන් 160 දෙනෙකු සහභාගී විය.

පළමු අදියර යටතේ කොළඹ සිට දඹුල්ල දක්වා උද්වේගකර අයුරින් පාපැදි සවාරිය ගමන් කළ අතර කොළඹ, පෑළියගොඩ, නිට්ටඹුව, වරකාපොළ, කුරුණෑගල, මැල්සිරිපුර හරහා පොලිස් නිලධාරීන්ගේ හා මඟ දෙපස ජනතාවගේ නොමඳ සහයෝගය මධ්‍යයේ තරඟකරුවන් දඹුල්ල නගරය වෙත ලඟාවිය.

පළමු අදියරේ ජයග්‍රහකයින්ට සඳහා ත්‍යාග පිරිනැමීම දඹුල්ල නගරයේදී මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

2026.09.02 දින උදෑසන 07.30 ට පාපැදි සවාරියේ 02වන අදියර දඹුල්ල නගරයේ පොලිස් ස්ථානය අසලින් ආරම්භ වී දඹුල්ල සිට අනුරාධපුරය හරහා පුත්තලම මරදන්කඩවල, තිරප්පනේ, අනුරාධපුරය, නොච්චියාගම, කලාඔය හරහා පුත්තලම නගරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.

(අනුමාන දුර කිලෝමීටර් 140 යි)

ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම, Ceat සමාගම, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, DSI සමාගම පාපැදි තරඟය පැවැත්වෙන 01,02 සහ 03 යන තෙදින පුරා අනුග්‍රහය ලබාදෙමින් මේ සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහයෝගය ලබාදෙන ප්‍රධාන ආයතනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website