බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සොයා ගත් බව බලංගොඩ පොලිසිය පවසයි.
බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන් තිදෙනා ඊයේ (31) දින සිට අතුරුදන්ව ඇති බවට බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඔවුන් උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙසින් පිටව ගිය බව ද එදින යළි නිවසට නොපැමිණි බව ද සිසුවියන්ගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණේය.
















