ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පස්වරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

මේ අතර, පෙරහර මංගල්‍යය වෙනුවෙන් දළදා මාළිගාව වෙත පැමිණ සිටී දහස් ගණනක් ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේද තොරතුරු විමසීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website