2026.07.23 දින කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී එයින් ඉන් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.
මෙම අපරාධයට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එම චීන ජාතිකයන් තිදෙනා මෙරට රැඳී සිටින බවටත් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඔවන්ගේ වලංගු වීසා කාලසිමාව අවසන්වී ඇති බවත් විමර්හන වලදී අනාවරණය වී තිබේ.
- නම :- CHEN HONGBING / විදේශ ගමන් බලපත්‍ර අංකය :- ED1732871
- නම :- LU GAO / විදේශ ගමන් බලපත්‍ර අංකය :- EP6558337
- නම :- XIANG HUACHENG / විදේශ ගමන් බලපත්‍ර අංකය :- EM4832130
ඉහත සැකකාර චීන ජාතිකයින් තිදෙනා ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටින් පිටවීමේ හැකියාවක් පවතින බැවින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා සහය විය හැකි තොරතුරක් දන්නේ නම් නොපමාව පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන්න.
දුරකතන අංක – ස්ථානාධිපති / කොළඹ දිසා අපරාධ කොට්ඨාසය – 071 8591735













