ප්රමිතියෙන් තොර හෙල්මට් සහ අබලන් හෙල්මට් පැළඳ ගෙන යතුරු පැදි ධාවනය කිරීම අනතුරකදී හිසට කිසිම ආරක්ෂාවක් නොලැබෙන බව ශ්රී ලංකා පොලිසිය පවසයි.
යතුරුපැදිකරුවන්ගේ මරණවලට ප්රධාන හේතු අතර ප්රමිතියෙන් තොර හෙල්මට් නිසා හිසට සිදුවන අනතුරු ප්රධාන සාධකය බව පොලිසිය පසුගිය කාලයය පුරාම පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් යළිත් ජනතාවගේ අවධානය යොමු කරමින් පොලිසිය අද (14) දින සිය ෆේස්බුක් පිටුවේ විශේෂ නිවේදනයක් පළ කළේය. එය සම්පූර්ණයෙන් පහත පළ වේ.
හෙල්මට් එක ඔළුවට දැමූ පමණින් ඔබ ආරක්ෂිතද?
මෝටර් සයිකලයේ යන බොහෝ දෙනෙක් හෙල්මට් එක හිස මත තබා ගත්ත ද, එහි ආරක්ෂිත පටිය සවිකර ගැනීමට අමතක කරයි. නැතහොත් එය නොසලකා හරියි.
නමුත් ඔබ දන්නවාද?, ක්ලිප් එක දමා නැති හෙල්මට් එකකින් ඔබට ලැබෙන ආරක්ෂාව 0% කි!
අනතුරක් සිදුවන ක්ෂණයකින්, ඔබේ හිස බිම වදින්නටත් පෙර හිස මත තිබෙන හෙල්මට් එක විසිවී යයි. එවිට හෙල්මට් එකක් පැළඳ සිටීමෙන් ලැබෙන කිසිදු ආරක්ෂාවක් ඔබට හිමිවන්නේ නැත.












