අධික වේගයෙන් රිය ධාවනය කිරීමේ අනතුරුදායක බව සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීමක් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දැනුවත් කිරීමේ නිවේදනයක් අද (14) සිය ෆේස්බුක් ගිනුමේ පළ කර ඇත.
අධික වේගය නිසා සිදුවන මාර්ග අනතුරු පිටුදැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කිරීමක් වශයෙන් මෙම නිවේදනය සම්පූර්ණයෙන් ‘රතුඉර’ වෙබ් අඩවියේ පළ කරමු.
ගොඩක් අය හිතන්නේ “FAST” (වේගය) කියන්නේ වාහනයක ඇක්සලරේටරය පාගලා පාරේ යකඩ යකා වගේ යන එක කියලා. ඒත් පාරේ යන අසීමිත වේගය හින්දා සිද්ධ වෙන්නේ අනතුරක්, ජීවිත හානියක් හෝ මුළු ජීවිත කාලෙටම අංශබාග තත්ත්වයට පත්වීමක්.
හැබැයි… ඔයා ඇත්තටම “FAST” වෙන්න ඕනේ පාරේ යද්දී නෙවෙයි, Stroke (අංශබාග / මොළයේ ලේ කැටයක් හිරවීම) රෝග ලක්ෂණයක් අඳුනගනිද්දී!
ඔයාගේ පවුලේ හරි යාලුවෙක්ගේ හරි මෙන්න මේ “BE FAST” ලක්ෂණ දකිනවා නම්, වාහනේ නෙවෙයි, ඔයාගේ තීරණ ගැනීම FAST වෙන්න ඕනේ!
මොකක්ද මේ “BE FAST”?
- B – Balance (සමබරතාවය): එකපාරටම ඇවිදගන්න බැරුව කඳ සමබරතාවය නැතිවෙනවාද?
- E – Eyes (පෙනීම): ඇස් දෙක එකපාරටම නොපෙනී යනවාද නැත්නම් බොඳ වෙනවාද?
- F – Face (මුහුණ): මුහුණේ පැත්තක් කට පැත්තට ඇද වෙනවාද / පණ නැති වෙනවාද?
- A – Arms (අත්/පය): අතක් හෝ කකුලක් ඔසවාගන්න බැරුව පණ නැතිවෙනවාද?
- S – Speech (කතාව): කතා කරද්දී වචන පටලැවෙනවාද / කතා කරගන්න බැරි වෙනවාද?
- T – Time to Treatment : එක තත්පරයක්වත් පරක්කු කරන්න එපා! පැය 3ක් ඇතුළත
රෝහලට ගෙනියන්න!












