කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් උපයා ගෙන ඇති බවට පොලිස්පතිවරයා වෙත ලද තොරතුරකට අනුව පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල 2021.03.31 වන දින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇත.
ඒ අනුව එම කොට්ඨාසය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම වත්කම් හා දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා විරහිත කර ඇති අතර මීගමුව හා කොළඹ ගරු මහාධිකරණ මගින් ක්‍රියා විරහිත කිරීම දීර්ඝ කර ඇත.
- ජා ඇල ප්‍රදේශයේ ලක්ෂ 14 ක් වටිනා පර්චස් 8.66 ඉඩම
- බැංකු ගිණුම් 06 ක ගිණුම් ගත කර තිබූ රුපියල් ලක්ෂ 59 ක මුදල
- කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225 ක් වටිනා කඩ කාමර 03
- කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කඩ කාමර 01
- කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 200 ක් වටිනා තෙමහල් නිවස සහිත ඉඩම
ඒ අනුව ඉහත දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද දේපළ බවට විමර්ශනයේදී අනාවරණය වීම හේතුවෙන් වයස අවුරුදු 53ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 2026.08.13 වන දින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.












