මරණීය දණ්ඩනය නියම කර ඇති චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට රාගම මහජන සහාය පතයි

2019 වර්ෂයේදී රාගම පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් පහරදී ඝාතනය කළ අපරාධයක් සම්බන්ධව මීගමුව මහාධිකරණය විසින් මෙම පුද්ගලයා හට මරණීය දණ්ඩනය නියම කර ඇත.

මොහු එම අපරාධය අදාළ නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම මත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩුව විභාගයට දඬුවම නියම කර ඇති අතර රාගම පොලිස් ස්ථානය විසින් මෙම චූදිත අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

චූදිතගේ විස්තර –

  • නම – රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග
  • වයස – අවුරුදු 38
  • ජා. හැ. අංකය – 871100837V
  • ලිපිනය – අංක 35/1, උග්ගස්හේන, වල්පොල, රාගම

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සහය විය හැකි යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහත දුරකතන අංක අමතා දැනුම් දෙන්න.

දුරකථන අංක –

  • ස්ථානාධිපති, රාගම පොලිස් ස්ථානය – 071 8591604
  • ස්ථානාධිපති, රාගම අපරාධ අංශය – 071 9627561

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website