බෙල්ලන්විල ඇසළ පෙරහැරේ පාවඩ පෙරහැර හෙට: වසා තැබෙන මාර්ග ගැන පොලිසියෙන් නිවේදනයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැරේ පාවඩ පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් හෙට (13) රාත්‍රී 07.00සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ 119 මහරගම දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරයෙන් හා බෙල්ලන්තර මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.

මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

  • මහරගම සිට දෙහිවල දෙසට හා පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා රථවාහන පැපිළියාන මංසන්ධියට ගමන් කර වමට හැරී ස්පාර් වටරවුම හරහා බෙල්ලන්තර දෙසට පිවිස නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කල හැකියි.
  • තව ද බොරලැස්ගමුව හා ගාලු පාර සම්බන්ධ කරන වේරහැර හන්දියෙන් ගංගාරාම මාර්ගය ඔස්සේ ගොළුමඩම හන්දිය දක්වා වූ විකල්ප මාර්ගය භාවිතා කර ගාලු පාරට පිවිසිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website